දස මස කුස හිද මා මවු සෙහෙහෙන්
ළැමට තුරුලු වී ලෝ දැක්කා අදරින්
කුරිරු ලොවේ නිර්මල තැන නිති සොයමින්
ගොඩ වැදුනා අරමට මා නොසිතු ලෙසින්
ඉඳහිට ලුණු කැද පමණි ගේ තිබුනෙ
අනියත දුක බව මට නිරතුරු පෙනුනෙ
කහ සිවුරට ලෙන්ගතු බව මට දැනුනෙ
ආසිරි මැද මා බුදු සසුනට බැදුනෙ
අනියත දුක අනථ බව පෙන්වා දුන්නා
හඩන ලොවට සැනසුම මා ගෙන දුන්නා
තුසිත ලොවෙ දෙව් ලෝ සැප ලැබ දෙන්නා
පින්වත් මා මැණිට පින් පින් කෙත් වෙන්නා
සුදු කොඩි නිල් අඹරේ ලෙල දෙනවා
අම්මා.... උණුහුම නැති බව වැටහෙනවා
හිමි නම උවත් කෙලෙසද මා වාවනවා
කඳුළු උණුයි,දෙනෙතින් රූටා යනවා.. .
දිගටම ලියන්න නඟෝ. ඔයාට පුළුවන්.... :)
ReplyDelete.
.
.
ලස්සනයි.
මාරම සංකල්පයක්..මම අන්තිමට ලියපු කතාව මතක් උනා..ලස්සනයි..
ReplyDeleteඔබට එන සිතිවිලි ලස්සනයි, යතිවරයෙකුගේ පුහුදුන් බව මතුකරන්න ගත් උත්සාහයක්..
ReplyDeleteපෙනෙන විදියට ඔබ ලියන්න තැත් කර ඇත්තේ සඳැස්..හැම කවියක ම අන්තිම පද තුන සමාන මාත්‍රා ගණනකින් යුතු වුණත් ඒ සියල්ලේ ම පළමු පදය මාත්‍රා අඩු/ වැඩි බවක් පෙන්වනවා..එය හිතාමතා කළ එකක් විය හැකියි, නමුත් ඉන් කවියට වී ඇත්තේ හානියක්..කවි ලවීමේදී අක්ෂර වින්‍යාසය, සඤ්ඤක අකුරු ගැන ත් සැලකිළිමත් වෙන්න..දෙ වැනි කවියේ අවසන් අකුර ‘ණේ‘ යන්න වුණා නම් හොඳ යි..ඒ වගේ ම බැදුනේ යන්න බැඳුණේ යන්නට වඩා හාත්පසින් ම වෙනස් අදහසක්..ඔබ මේවා නො දන්නවා නො වෙයි, නො සැලකුවා පමණයි කියා මම දන්නවා..
ජය!
ලැම්බගේ කතාව ඇත්ත. මාත් මේ කියන්න කියලා හැදුවේ =D
Deleteඑකඟයි
Deleteහොඳ සංකල්පයක් වගේම හොඳ අවස්ථාවක්. හැඟීම් දැනීම් දැනෙන විදියට ලියල තියෙනවා. ඔහොම යං..
ReplyDeleteලස්සනයි .... සුභපැතුම්
ReplyDeleteභවයෙන් භවයේ පෙරුම් පුරා මම
ReplyDeleteබවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරින් එතෙර වෙලා
ගීතයේ හරය,සේයාවක් වගේ මේ නිර්මාණය තුලිනුත් දැක්කා....
හොද උත්සාහයක්...
තව ඉදිරියට ලියන්න
බ්ලොග අලුත් එකක් නේ..
ReplyDeleteබ්ලොග් එක ෆලෝ කරන බට්න් එක දාන්න. එතකෙට හැම බ්ලොග් රෝලකටම දාගන්න ලේසි..
නිර්මණය හොදා.. ජය පතමි..
දිගටම ලියන්නෝ..
මම නම් කවි ගැන, මාත්‍රා ගැන දන්න කෙනෙක් නෙවෙයි.. ලැම්බා පෙන්නල දුන්න අකුරු අඩුපාඩු ගැන සැලකිලිමත් වෙන්න..
ReplyDeleteඅළුත් බ්ලොග් එක දිගටම කරගෙන යන්න සුභ පැතුම්!