Thursday, October 10, 2013

Posted by තුෂාරි නමුණුකුල Posted on 11:39 PM | 10 comments

මා රහත් නොවු හිමි නමකි


දස මස කුස හිද මා මවු සෙහෙහෙන්
ළැමට තුරුලු වී ලෝ දැක්කා අදරින්
කුරිරු ලොවේ නිර්මල තැන නිති සොයමින්
ගොඩ වැදුනා අරමට මා නොසිතු ලෙසින්

ඉඳහිට ලුණු කැද පමණි ගේ තිබුනෙ
අනියත දුක බව මට නිරතුරු පෙනුනෙ
කහ සිවුරට ලෙන්ගතු බව මට දැනුනෙ
ආසිරි මැද මා බුදු සසුනට බැදුනෙ

අනියත දුක අනථ බව පෙන්වා දුන්නා
හඩන ලොවට සැනසුම මා ගෙන දුන්නා
තුසිත ලොවෙ දෙව් ලෝ සැප ලැබ දෙන්නා
පින්වත් මා මැණිට පින් පින් කෙත් වෙන්නා

සුදු කොඩි නිල් අඹරේ ලෙල දෙනවා
අම්මා.... උණුහුම නැති බව වැටහෙනවා
හිමි නම උවත් කෙලෙසද මා වාවනවා
කඳුළු උණුයි,දෙනෙතින් රූටා යනවා.. .
Posted by තුෂාරි නමුණුකුල Posted on 10:15 PM | 10 comments

මහිලාව....


උදාකර පෙරදිග අඹරින් නැඟි ආ මොහොතේ
සත් සමුදුරු කලඹවමින්
රෝස මල් යහනාවෙන්
අප්සරා....
අරවින්ද පිපි දෙරණට
බිඟු නින්නාද අතුරින්
මල් රෝන් වැටි පෑයුවේ සිත
පිනි බිංදු වැටුන සේද මාවතේ
අනුරාග සේලයෙන් වටොර
පිරිපුන් පයෝධර දවටා
පුළුලුකුල වැසි මණිමෙඛලා
මන වශි නීල දෙනයනින්
සේදයක් වු වරලස සලමින්
නා දළු තොල් පෙති අතරින්
මුතු පෙන්නා.....
අන්ගනා ප්‍රේම කුසුම් අතැතිව
උන්මාදිනිය ලෙසින්
සිසිකැන් හෙලමින්
ප්‍රදීපයක් ලෙස
තිමිර ප්‍රභාවත් කරමින්
ඒ ප්‍රේම කන්‍යාවිය
ප්‍රේම කුමරු සොයමින් එන්නි.....