උදාකර පෙරදිග අඹරින් නැඟි ආ මොහොතේ
සත් සමුදුරු කලඹවමින්
රෝස මල් යහනාවෙන්
අප්සරා....
අරවින්ද පිපි දෙරණට
බිඟු නින්නාද අතුරින්
මල් රෝන් වැටි පෑයුවේ සිත
පිනි බිංදු වැටුන සේද මාවතේ
අනුරාග සේලයෙන් වටොර
පිරිපුන් පයෝධර දවටා
පුළුලුකුල වැසි මණිමෙඛලා
මන වශි නීල දෙනයනින්
සේදයක් වු වරලස සලමින්
නා දළු තොල් පෙති අතරින්
මුතු පෙන්නා.....
අන්ගනා ප්‍රේම කුසුම් අතැතිව
උන්මාදිනිය ලෙසින්
සිසිකැන් හෙලමින්
ප්‍රදීපයක් ලෙස
තිමිර ප්‍රභාවත් කරමින්
ඒ ප්‍රේම කන්‍යාවිය
ප්‍රේම කුමරු සොයමින් එන්නි.....
Very nyce...appreciate ..keep it up😉
ReplyDeleteලස්සනයි නඟෝ. තව ලියන්න..... :)
ReplyDeleteවචන වලට හිත ගියා.දිගටම ලියන්න.
ReplyDeleteඅවන්කවම නියම කවියක් කියලා කියන්න බැරි නිසා සුපිරිම කවියක් කියලා කියන්නම්... :)
වචන එකින් එකට ලස්සනට අමුණල තියෙනවා. එළ!
ReplyDeleteලස්සනයි :)
ReplyDeleteකෙල්ලෙක් විදිහට ඔබ ඉතා අපූරුවට කාන්තා ශෘංගාරය මතුකර තියෙනව..වැඩිපුර භාවිතා නො වන සකු වදන් නියම අරුතින් යුතු ව යොදාගෙන තිබීම හරි ම ප්‍රශංසාත්මක යි..අලුත් බ්ලොගට සුබ පැතුම්!
ඔබට ජය!
soooi
ReplyDeleteGreat! (y)
ReplyDeleteGood Good ...
ReplyDeleteකුසලානේ ලු මිදී යුෂ කුසලානේ හැඩය ගනී
ReplyDeleteකුසලානේ ලු විෂ උව කසලානේ හැඩය ගනී. . . .
අගෙයි!
ReplyDelete