• loading tweets

Thursday, October 10, 2013

Posted by තුෂාරි නමුණුකුල Posted on 11:39 PM | 10 comments

මා රහත් නොවු හිමි නමකි

දස මස කුස හිද මා මවු සෙහෙහෙන් ළැමට තුරුලු වී ලෝ දැක්කා අදරින් කුරිරු ලොවේ නිර්මල තැන නිති සොයමින් ගොඩ වැදුනා අරමට මා නොසිතු ලෙසින් ඉඳහිට ලුණු කැද පමණි ගේ තිබුනෙ අනියත දුක බව මට නිරතුරු පෙනුනෙ කහ සිවුරට ලෙන්ගතු බව මට දැනුනෙ ආසිරි මැද මා බුදු සසුනට බැදුනෙ අනියත දුක අනථ බව පෙන්වා දුන්නා හඩන ලොවට සැනසුම මා ගෙන දුන්නා තුසිත ලොවෙ දෙව් ලෝ සැප ලැබ දෙන්නා පින්වත් මා මැණිට පින් පින් කෙත් වෙන්නා සුදු කොඩි නිල් අඹරේ ලෙල දෙනවා අම්මා.......
Posted by තුෂාරි නමුණුකුල Posted on 10:15 PM | 10 comments

මහිලාව....

උදාකර පෙරදිග අඹරින් නැඟි ආ මොහොතේ සත් සමුදුරු කලඹවමින් රෝස මල් යහනාවෙන් අප්සරා.... අරවින්ද පිපි දෙරණට බිඟු නින්නාද අතුරින් මල් රෝන් වැටි පෑයුවේ සිත පිනි බිංදු වැටුන සේද මාවතේ අනුරාග සේලයෙන් වටොර පිරිපුන් පයෝධර දවටා පුළුලුකුල වැසි මණිමෙඛලා මන වශි නීල දෙනයනින් සේදයක් වු වරලස සලමින් නා දළු තොල් පෙති අතරින් මුතු පෙන්නා..... අන්ගනා ප්‍රේම කුසුම් අතැතිව උන්මාදිනිය ලෙසින් සිසිකැන් හෙලමින් ප්‍රදීපයක් ලෙස තිමිර ප්‍රභාවත් කරමින් ඒ...